විදුලි ගාස්තු 15%කින් වැඩි කිරීම ජනවරම පාවාදීමක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
විදුලි ගාස්තුව 15%කින් ඉහළ දමන්නට රජය කටයුතු කර ඇති බවත් මහජන උපයෝගීතා කොමිසම මෙම තීරණය ගෙන ඇත්තේ රජය සහ විදුලි බල මණ්ඩලය සිදු කරන ලද යෝජනාවක් අනුව බවත් මේ විදුලි ගාස්තු වැඩි කිරීම ජනවරම පාගා දැමීමක් සහ ජනතාවගේ හඬට ඇහුම්කම් නොදීමක් මෙන් ම මෙරට ජනතාව රැවටීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විදුලි ගාස්තු වැඩි කිරිම ගැන ඊයේ (11) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.