“වීදියේ සිගමන් යදින, වෙළඳාමේ යෙදෙන සහ වෙනත් අනාරක්ෂිත රැකියා ක්ෂේත්රවල යෙදෙන දරුවන් වෙනුවෙන් තාවකාලික පරිත්යාග ලබා දීම වෙනුවට ඔවුන් ගේ අධ්යාපන අයිතිවාසිකම් සහ සමාජ සුරක්ෂිතභාවය පිළිබඳ අයිතිවාසිකම් තහවුරු කිරීම වත්මන් රජයේ අරමුණ බව කාන්තා සහ ළමා කටයුතු අමාත්ය සරෝජා සාවිත්රි පෝල්රාජ් මහත්මිය පවසයි.
අමාත්යවරිය මේ බව සඳහන් කළේ ඊයේ (12) යෙදී තිබුණු ජාත්යන්තර ළමා ශ්රම විරෝධී දිනයට සමගාමීව කාරජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වූ මාධ්ය සාකච්ඡාව අමතමින්.
රජය ලෙසත් කාන්තා සහ ළමා කටයුතු අමාත්යාංශය ලෙසත් බලාපොරොත්තු වන්නේ දරුවන් ආයතන ගත කිරීමට වඩා ඔවුන් පවුල් පාදක රැකවරණය වෙත යොමු කිරීමට බවත්, විකල්ප රැකවරණය අවශ්ය අවස්ථාවලදී ඒ වෙනුවෙන් පරිවාස සහ ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව ලෙස අදාළ මැදිහත්වීම් සිදු කරන බවත්, එම සේවා වඩා ගුණාත්මක කිරීම වෙනුවෙන් දැනටමත් ක්රියාත්මක වී සිටින බවත් අමාත්යවරිය වැඩිදුරටත් ප්රකාශ කළාය.
අධ්යාපනය ලැබිය යුතු වයසේ ළමුන් වීදියේ සිගමනේ යෙදවීම සහ අන්තරායකර රැකියාවන්වල යෙදවීමටත් එරෙහිව දැනට පවතින නීතිමය ප්රතිපාදන ප්රමාණවත් වන අතර ඒවා බලාත්මක කිරීම වෙනුවෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්යාංශය විසින් අමාත්ය මණ්ඩල සටහනක් ඉදිරිපත් කිරීමට නියමිත බවත් අමාත්යවරිය මෙහිදී ප්රකාශ කළාය.
මෙම අවස්ථාව අමතමින් කාන්තා සහ ළමා කටයුතු නියෝජ්ය අමාත්ය වෛද්ය නාමල් සුදර්ශන මහතා පවසා සිටියේ අවුරුදු 5 ට අඩු එනම් මුල් ළමා වියේ වෙසෙන දරුවන්ගේ වර්ධනයට සහ සංවර්ධනයට එම දරුවා ඇති දැඩි වන පරිසරය ඉඳුරාම බලපාන බවයි.
එසේ නොවන අවස්ථාවලදී දරුවන් කායික සහ මානසික වශයෙන් සෞඛ්ය ගැටලුවලට මුහුණ දීමට ඉඩ කඩ ඇති බවත් නියෝජ්ය අමාත්යවරයා මෙහිදී ප්රකාශ කළේය.