Friday, June 13, 2025
Follow Us
ගම්පහ මහ නගර සභාවට තේරී පත්ව සිටින සභිකයින් වැඩ ආරම්භයි
ගම්පහ මහ නගර සභාවට තේරී පත්ව සිටින සභිකයින් වැඩ ආරම්භ කිරීම, පාර්ලිමේන්තු මන්ත්රී ලසිත් භාෂිත මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා පුරපති කාර්යාලයේදී සිදු කෙරිණි.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා කිරීමෙන් අනතුරුව නගරාධිපති, වරලත් ඉංජිනේරු එරික් එදිරිවික්රම සහ නියෝජ්ය නගරාධිපති රමාල් සිරිවර්ධන යන මහත්වරුන් නිල වශයෙන් වැඩ බාර ගැනීම සිදු විය.

මේ අවස්ථාවට වැඩම කර් සිටි ගම්පහ සුනන්දාරාමාධිපති තුම්මෝදර සමිතසෝම නාහිමි අනුශාසනාවක් කරමින් , මහජන දේපල අනිසි ලෙස භාවිත නොකළ යුතු බවත් එවන් කටයුතු කිරීමෙන් ලැබෙන ආදිනව බරපතල බැවින් ඒ බව සිතට ගෙන කටයුතු කිරීමේ ආදර්ශයක් , නව ජනතා නියෝජිතයින්ගෙන් සහ නිලධාරීන්ගෙන් බලාපොරොත්තු වන බවත් සදහන් කළහ .
 
මෙම අවස්ථාවට නාගරික කොමසාරිස් ලෝචනා බාලසූරිය මහත්මිය ඇතුලු කාර්ය මණ්ඩලයේ පිරිසක්ද එක්ව සිටියේය.