Tuesday, February 10, 2026
Follow Us
මරණ දඬුවම ක‍්‍රියාත්මක වීම අහෝසි කිරීමට ආණ්ඩුවෙන් යෝජනාවක්

මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇත.

ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරයකු විසින් පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස මෙම යෝජනාව ඉදිරිපත් කරනු ඇතැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු සදහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් බහුතරයක් ද මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට විරුද්ධ බැවින් මෙසේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර සම්මත කර ගන්නා බව ඉහත මන්ත‍්‍රීවරයා පවසා සිටියේය.

(Lanka Leads)