Tuesday, February 10, 2026
Follow Us
දසතින් එන විරෝධය පුස්සක් වෙයි… වැලිගෝනි එල්ලා එල්ලූම් ගහ ‘ටෙස්ට්’ කරයි

වැලිගෝනි එල්ලා එල්ලූම්ගසේ ක‍්‍රියාකාරිත්වය පරීක්‍ෂාකර බැලීමට කටයුතු කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජේ. එම්. ජේ. ඩබ්ලිව්. තෙන්නකෝන් මහතා පවසයි.

එල්ලූම් ගසේ කි‍්‍රයාකාරිත්වය පරීක්‍ෂා කිරීමට අලූගෝසුවන් දෙදෙනකුගේද සහය ලබාගත් බව කොමසාරිස්වරයා කියා සිටියේය.

ජනාධිපතිවරයා ලබාදෙන නියෝග සහ උපදෙස් මත තමන් ඕනෑම අවස්ථාවක කටයුතු කිරීමට සූදානම් බවද එල්ලා මරාදැමීමට නියමිතව සිටින බව කියන අපරාධකරුවන් සිව්දෙනා පිළිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් තමා වෙත ලැබී නොමැති බවද තෙන්නකෝන් මහතා පවසයි.

(Lanka Leads)