Friday, October 18, 2024
Follow Us
හෙට ගාල්ලට පැය 09ක ජල කප්පාදුවක්

ගාල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 8:30 සිට පස්වරු 5:30 දක්වා පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ, බද්දේගම ජල පවිත‍්‍රාගාරයේ අලූත් වැඩියා කටයුත්තක් හේතුවෙන්. ඒ අනුව බද්දේගම, හල්පතොට, සන්දරවල, ගනේගම, මහගොඩ, නාගොඩ, මීමැඩුම, ගෝනපීනුවල, තෙල්වත්ත, කලූපෙ යන ප‍්‍රදේශවලට සහ හික්කඩුව නගරයට ජල සැපයුම අත්හිටුවනු ඇති.

(Neth)