Tuesday, February 10, 2026
Follow Us
බස් ගාස්තු මිල සූත්‍රය කඩිනම් කරන්න - මගීන් ඉල්ලයි

මගී බස් කර්මාන්තය මෙන්ම බස් මගීන් ද ආරක්ෂා කිරීම සඳහා බස් ගාස්තු මිල සූත්‍රය කඩිමින් ක්‍රියාත්මක කරන්නැයි සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

මොරටුව විශ්වවිද්‍යාලය හා ජාතික ගමනාගමන කොමිෂන් සභාව එක්ව මාර්ග සියයක බස් ගාස්තු ඇතුළත් කර සකස් කරන ලද බස් ගාස්තු ප්‍රතිපත්තිය වහාම ක්‍රියාත්මක කර මගී ප්‍රවාහන සේවය දෙපාර්ශ්වයටම අසාධාරණයක් නොවන පරිදි පවත්වාගත යුතු බවයි එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව අදට (01) නියමිතව තිබූ බස් ගාස්තු සංශෝධනය අතහැර දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කිරීම පැසසිය යුත්තක් බව ද එම සංගමය අවධාරණය කරයි.

(LNW)