Friday, October 18, 2024
Follow Us
දකුණු පළාතේ පාසල් කාලය අද සිට පැයකින් දීර්ඝ කෙරේ

දකුණු පළාතේ පළාත් සභා පාසල් සඳහා පාසල් පැවැත්වෙන කාලය අද (01) සිට පැයකින් දීර්ඝ වනවා.

ඒ අනුව පෙරවරු 07.30 සිට දහවල් 2.30 දක්වා අද සිට එම පාසල් පැවැත්වෙනු ඇති.

ඇතැම් වෘත්තීය සමිතිවලින් විරෝධතා ඉදිරිපත් වුවත් දරුවන් පිළිබඳ සලකා මෙම තීරණය ක‍්‍රියාත්මක කරන බවයි දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකොන් පැවසුවේ.

දකුණු පළාතේ ඇතැම් පාසල් මේ වනවිටත් අතිරේක කාලයක් අධ්‍යයන කටයුතු සිදු කරන බවද මෙහිදී සිහිපත් කෙරුණා.

දකුණු පළාතේ පළාත් සභා පාසල්වලින් සියයට 85ක පමණ මේ වනවිටත් විෂය නිර්දේශ ආවරණ කිරීමට නොහැකි වී ඇතැයි ද ආණ්ඩුකාරවරයා පවසනවා. පාසල් කාලය පැයකින් දීර්ඝ කිරිමට තීරණය කෙරුණේ ද ඒ බව සැලකිල්ලට ගනිමින් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

(Neth)