Friday, October 18, 2024
Follow Us
අස්ගිරි නාහිමියෝ ජිනීවා අධිකරණයට

මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රකාශයක් කළේ යැයි චෝදනා කරමින් අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ සිරි ඤාණරතන ස්වාමීන් වහන්සේට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් මහත්මිය වෙත මෙරට ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක් පැමිණිලි කර ඇත.

කොළඹ මල් පාරේ පිහිටි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ. මෙම පැමිණිල්ලට අනුව මානව හිමිකම් කොමසාරිස්වරිය 41 වැනි මානව හිමිකම් සමුළුව අමතමින් ප්‍රකාශ කර ඇත්තේ සමහර ආගම්ක නායකයන් කර ඇති ප්‍රචණ්ඩත්වය ඇතිවිය හැකි ප්‍රකාශ සම්බන්ධව සොයා බැලිය යුතු බව ය.

අස්ගිරි මහ නා හිමියන්ගේ ප්‍රකාශය සම්බන්ධව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මෙහෙවන පාක්‍යසෝති සරවනමුත්තු විසින් පසුගිය දා පොලීසියට ද පැමිණිලි කර තිබිණි.

(Lanka Leads)