Friday, October 18, 2024
Follow Us
දුම්රිය සේවකයන් සංකේත වැඩ වර්ජනයක - වර්ජනය මැද කාර්යාලීය දුම්රිය හතක් ධාවනයට

ඉල්ලීම් කිිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට සංකේත වැඩ වර්ජනයක නිරත වනවා.

අතිවිශේෂ ගැසට් නිවේදනයකින් දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප‍්‍රකාශයට පත් කළ ද සැලසුම් කළ පරිදි පැය 24ක සිය වර්ජනය කි‍්‍රයාත්මක කරන බවයි දුම්රිය වෘත්තීය සමිති පැවසුවේ.

කෙසේ වෙතත් වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිතිවලින් සිය ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් අදහස් විමසීමට නෙත් නිවුස් උත්සහ කළද එම නියෝජිතයින් ඊට ප‍්‍රතිචාර දැක්වූයේ නැහැ.

කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ වර්ජනය කි‍්‍රයාත්මක වුවද, අද පෙරවරුවේ කාර්යාල දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට කටයුතු කළ බවයි. ඒ අනුව මහව, හලාවත සහ මහනුවර දුම්රිය ස්ථානවලින් දුම්රියක් බැගින් අද අලූයම 05:00ට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කර ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණි සෙනෙවිරත්න නෙත් නිවුස් වෙත සඳහන් කළා.

ගාල්ලෙන් සහ අවිස්සාවේල්ලෙන් දුම්රියක් බැගින් අද අලූයම 05. 30 ට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කර ඇති බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. මාතර දුම්රිය ස්ථානයෙන් අද පෙරවරු 06ට කොළඹ කොටුව බලා තවත් දුම්රියක් ගමන් ආරම්භ කළා.

රඹුක්කන දුම්රිය ස්ථානයෙන් පෙරවරු 06. 30ට තවත් දුම්රියක් කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කිරීමට නියමිත තිබූ බවයි දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණි සෙනෙවිරත්න මෙහිදී සඳහන් කළේ. ඒ අනුව වර්ජනය කි‍්‍රයාත්මක මෙම කාලසීමාවේදී අද පෙරවරුවේ පමණක් කාර්යාලයීය දුම්රිය 07ක් ධාවනයට එක් කර තිබෙනවා.

(Neth)