Tuesday, February 10, 2026
Follow Us
මූල්‍ය ආයතනයක කෝටි ගණනක උකස් රන් බඩු සේප්පුවෙන් අතුරුදහන්

පෞද්ගලික මූල්‍ය ආයතනයක සේවය කළ කළමණාකරුවෙකු එම ආයතනයේ උකස් කර තිබූ රුපියල් එකොලොස් කෝටි දහසයලක්ෂ අනූඑක්දහස් නවසීය අනූ එකක රන් භාණ්ඩ වංචනික ලෙස සේප්පුවෙන් ලබාගෙන උකස් කරන ලද පුද්ගලයින් වෙත නැවත ලබාදීමේ සිද්ධියක් වාර්තා වෙනවා.

අදාළ කළමණාකාරවරයා එම ආයතනයේ සේවය කළ තවත් සේවකයින් කිහිපදෙනෙකුගේ සහය ඇතිව මෙම වංචාව සිදු කර ඇති බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයේ නිලධාරීන්ට යාපනය ප්‍රදේශයේ සිදුව ඇති මෙම වංචාව පිළිබඳ ලද පැමිණිල්ලක් මත එම ආයතනයේ හිටපු කළමණාකරු ඊයේ (26) රාත්‍රි 8.10ට පමණ යාපනය පොලිස් ස්ථානය ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 48ක් වූ අංක 114 කේනිඅඩි කොකුවිල් බටහිර යාපනය ප්‍රදේශයේ පදිංචි ශම්මුග බාලම් පාර්තිපන් නැමැත්තෙක්.

(Neth)