Friday, October 18, 2024
Follow Us
කංජිපානි තවදුරටත් රඳවා තබාගෙන ප්‍රශ්ණ කිරීමට අධිකරණයෙන් අවසර

දැනට රැදවුම් භාරයේ සිටින පාතාල කල්ලි නායක මාකදුරේ මධූෂ් සමග ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කළ පාතාල කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තා අගොස්තු මස 7දා තෙක් තවදුරටත් කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රදවා ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නා .

සැකකරු අද නිරීක්ෂණය සදහා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරනය වෙත කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඉදිරිපත් කරුණු ලැබුවා.

මෙහිදී සැකකරු පොලිසිය භාරයේ රඳවා ප්‍රශ්න කිරීමට ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබා ගත් නියෝග අනුව කටයුතු කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරනයට දැනුම් දෙනු ලැබුවා

කංජිපානි ඉම්රාන් නමැත්තාට මිනීමැරීම, මිනි මැරීමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම ඇතුළු සිද්දීන් සම්බන්ධයෙන් අධිකරණ කිහිපයක නඩු 27 ක් පමණ පවතින බව පොලීසිය මීට පෙර අධිකරනයට සඳහන් කර තිබුණා.

(Neth)