Friday, October 18, 2024
Follow Us
ත්‍රස්තවාදය ඉවරයි කියලා කාටවත් කියන්න බෑ…- හමුදාපති  කමිටුව හමුවේ සාක්ෂි දෙයි

මේ වන විට ත්‍රස්තවාදය අවසන් වූ බවට කිසිම පුද්ගලයෙකුට ප්‍රායෝගිවකව ප්‍රකාශ කිරීමේ හැකියාවක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් මේ බව සඳහන් කළේය.

එමෙන්ම මෙම ත්‍රස්තවාදය ජාත්‍යන්තර ත්‍රස්තවාදයක් බවත් මේ වෙලාවේදී අප සටන් කරනු ලබන්නේ නොදැකපු සතුරෙක් සමඟ බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

තවදුරටත් සාක්ෂි ලබා දෙමින් හමුදාපතිවරයා සඳහන් කර සිටියේ මෙම ත්‍රස්තවාදය වර්ධනය වීමේ තත්ත්වයක් ඉදුරාම පෙනෙන්නට නොමැති බවයි.

ත්‍රිවිධ හමුදාව සහ බුද්දධි අංශය එක්ව මෙම ත්‍රස්තවාදය වර්ධනයවීම වැලැක්වීමට තවදුරටත් කටයුතු කරන බව යුද හමුදාපති පැවසීය.

පසුගිදා හදිසි නීතිය තවත් මාස එකහමාරකින් දිර්ග කිරීමෙන් මෙම ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා තවදුරටත් ක්‍රියාකරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා වැඩිදුරටත් පැවසීය.

(Lanka Leads)