Friday, October 18, 2024
Follow Us
“පාලකයෝ අපේ උපදෙස් පිළිපදින්නේ නැත්තම් අපි ආයේ පාලකයන් හමුවෙන්න යන්නෑ”

පාස්කු ඉරිදා සිදු වුණ ඛේදවාචකයේ දුක් කඳුළු වේදනාව අපිට දැණුනද රට කරවන බලධාරින්ට නොදැනෙන බවත් මාස දෙකක කාලයක් ගතවිත් මෙම ඛේදවාචකයට වගකිය යුතු පිරිස් හඳුනා ගැනිමට හෝ දඬුවම් ලබා දීමට නොහැකි විම රටේම අවාසනාවක් බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය.

ඉතාලියේ බ්‍රේෂියා නගරයේදි ඊයේ (25) කතෝලික ලාංකිකයන් හමුවීමේදි කාදිනල් හිමි මේ බව ප‍්‍රකාශ කළේය.

කාදිනල් හිමිපාණන් ඉතාලියේ වතිකානු සංචාරයක් අතරතුර ඊයේ දිනයේදි බ්‍රේෂියා ලාංකික කිතුණු සංඝය හමුවිමේදි මෙලෙස ප‍්‍රකාශ කල අතර වැඩි දුරටත් අදහස් දැක්වු කාදිනල් හිමිපාණන් මෙසේද පැවසීය.

“පසුගිය පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් පසුව අපිව හමු වෙන්න විවිධ දේශපාලන පක්ෂ නායකයන් ආණ්ඩුවේ නායකයන් එනවා ඒ ආපුවම අපි උපදෙස් දෙනවා මොනවද කරන්න ඔනේ කියලා. ඒත් ඒ අය අපි දෙන උපදෙස් අනුව වැඩ කරනවද කියලා රටේ වෙන දේවල් වලින් ලොකු ගැටලුවක් තියෙනවා. අපිට ඒ නිසා ඉදිරියේදි අපි දෙන උපදෙස් පිළි පදින්න ඒ අය සුදානම් නැත්නම් ඒ කිසිම දේශපාලන නායකයෙක් හමුවීම නවතා දැමිමට කටයුතු කරන බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය.

මෙම අවස්ථාවට බ්‍රේෂියා රදගුරු පියරේ අන්තෝනියෝ හිමිපාණන් සමග ඉතාලියේ ලාංකික කතෝලික අධ්‍යක්ෂ නෙවිල් ජෝ පියතුමා හා බ්‍රේෂියා කිතුණු සංඝය භාර ජෝර්ජ් ලින්ටන් පියතුමා හා ලාංකිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.

(Lanka Leads)