Saturday, March 28, 2026
Follow Us
ධීවර බෝට්ටු 40ක් ගිනි ගනී

තංගල්ල, හුංගම, ගුරුපොකුණ ධීවර වරායේ ඊයේ (25) රාතී‍්‍රයේ ඇති වූ ගින්නකින් බෝට්ටු 40 ක් පමණ විනාශ වී තිබෙනවා.

ඊයේ රාති‍්‍ර 11.45 ට පමණ ගින්න හටගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ධීවර වරාය තුළ තිබූ වාඩියකට ගිනි ඇවිලී ඇති බවට ලද තොරතුරකට අනුව ධීවරයින් කිහිප දෙනෙකු රාතී‍්‍ර 12 ට පමණ එම ස්ථානයට ගොස් පරීක්‍ෂා කර තිබෙනවා. ඒ අනුව ගින්න පැතිර යන බවට ඔවුන් විසින් හුංගම පොලීසිය දැනුවත් කර තිබෙනවා.

තංගල්ල නගර සභාවේ ගිනි නිවන ඒකකය, හුංගම පොලීසිය සහ ප‍්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

(Neth)