Friday, October 18, 2024
Follow Us
මුස්ලිම් ව්‍යාපාරිකයින්ට වෙළදාම තහනම් කළ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාපති ඇතුළු 06කට නොතිසි

දංකොටුව සතිපොළේ වෙළඳාම් කටයුතු මුස්ලිම් ප්‍රජාවට තහනම් කිරීමට හේතු විමසීමට ලබන 28 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් 25 වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති එච් ඒ සුසන්ත පෙරේරා ඇතුළු හය දෙනකුට නොතීසි නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කර සිටිනවා.



දංකොටුව සතිපොළේ වෙළඳාම් කටයුතු මුස්ලිම් ප්‍රජාවට තහනම් කරමින් නියෝගයක් නිකුත් කළ බවට පොලිසියට ලද පැමිණිල්ලක් අනුව පොලිසිය විසින් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

ඒ අනුව එලෙස තහනම් නියෝගයක් නිකුත් කිරීමට හේතු දක්වන ලෙස දන්වා අධිකරණය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු හය දෙනකුට අධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇත.

(Neth)