Friday, October 18, 2024
Follow Us
වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව තහවුරු වුණොත් වර්ජනය අත්හරින බව දන්වයි

කළුතර දිස්ති‍්‍රක්කයේ රජයේ වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතු නොවුනහොත් එම දිස්ති‍්‍රක්කයේ ආරම්භ කළ වර්ජනය අද (25) පෙරවරු 8.00ට අවසන් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඊයේ (24) රාතී‍්‍රයේ රැස් වූ එම සංගමයේ විධායක සභාව විසින් මෙම තීරණයට එළඹි බවයි එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ.

කළුතර රෝහල් පරිශ‍්‍රයේදී ඊයේ ඇතිවූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් අද දිනයේ පොලිස් කොමිසමට පැමිණිලි කරන බවද ඔහු මෙහිදී සඳහන් කළා.

එහිදී "රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළුතර මහ රෝහලින් ඊයේ දිනයේ ආරම්භ කළා රාජිත සේනාරත්න ඇමතිවරයාට විරුද්ධව මහජන විශ්වාසභංගයට අත්සන් ගැනීම. රටම දැක්කා රාජිත සේනාරත්න තමන්ගේ හැකියාව පෙන්නුවා..ඊයේ දවසේ. කළුතර මහ රෝහලේදී..තමන්ගෙ මැර බලය පෙන්නුවා. " යනුවෙන් ද සඳහන් කෙරුණා.

(Neth)