Friday, October 18, 2024
Follow Us
පාස්කු ප්‍රහාරය: ISIS වැඩක් නෙවෙයි - අදෘශ්‍යමාන බලවේගයක්

පාස්කු ඉරිදා ප්‍රහාරය පසුපස ISIS සංවිධානය සිටින බව තමා පිළිනොගන්නා අතර යම් අදෘශ්‍යමාන බලවේගයක් ඒ පසුපස සිටින බවට තමන් විශ්වාස කරන්නේ යැයි හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (23)මහනුවර තලාතුඔය ප්‍රදේශයේ පැවති ජනහමුවකදීය.

එහෙයින් එම ප්‍රහාරය සම්බන්ධයෙන් නිවැරදි සහ විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි හකීම් මහතා සඳහන් කළේ.

ඒ සඳහා මුස්ලිම් කොංග්‍රසයේ සහය රජයට ලබා දෙන බව ඔහු අවධාරණය කළේය.

එමෙන්ම වත්මන් රජයට ඒ සඳහා හැකියාව පවතින අතර රජය සමඟ තවදුරටත් කටයුතු කිරීමේ හැකියාව පවතින බවයි රවුෆ් හකීම් මහතා පැවසුවේ.

එම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයෙකු වශයෙන්ද හකීම් මහතා කටයුතු කරන අතර මේ වන විට පාස්කු ප්‍රහාරය හා ඊට පසුබිම සැකසී ඇති ආකාරය සම්බන්ධයෙන් යම් යම් කරුණු කාරණා පැහැදිලි වෙමින් තිබෙන අතර තවදුරටත් එහි සාක්ෂි කැඳවීම සිදුවෙයි.

(LNW)