Friday, October 18, 2024
Follow Us
බණ්ඩාරගම ක්‍රියාත්මක වන්නේ ශරියා නීතියද..? සිංහල පුරුෂයෙකු සමඟ විවාහ වූ මුස්ලිම් කාන්තාවකට ශරියා නීතියෙන් දඬුවම්

බණ්ඩාරගම ප්‍රදේශයේ සිංහල ජාතික පුද්ගලයෙකු හා විවාහ වී සිටින මුස්ලිම් කාන්තාවකගේ නිවසට “බලහත්කාරයෙන් පැමිණ ලිංගික හිරිහැර හා නිවසට දැඩි අලාභ හානි සිදුකරමින් තර්ජනය කිරීම් හා බියවැද්දවිම” පිළිබඳව බණ්ඩාරගම පොලීසියට ලද පැමිණිල්ලකට අනුව පසුගිය 20 වෙනිදා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පානදුර අධිකරණය නියෝග කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස තමන්ට ෂරියා නීතිය යටතේ වද දී ඇඳුම් ඉරා සෙනග පිරුණු පාරේ ඇදගෙන ගිය බවයි ඇය පවසන්නේ. එසේම සිංහල ජාතික පුද්ගලයෙකු සමග විවාහ වූ බැවින් දිගින් දිගටම තමාට ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියේ පිරිස්වලින් බලපෑම් එල්ල වූ බවද ඇය සඳහන් කරයි.

මේ සම්බන්දයෙන් 2019 මාර්තු මස 03 වන දින CIB 2 22/327, මාර්තු මස 25 වෙනිදා දින CIB 128/19, මාර්තු මස 26 වෙනිදා CIB 3 162/146, ,මාර්තු මස 30 වෙනිදා CIB 1 340/358 සහ මාර්තු 29 දින CIB 2 21/324 දරණ පැමිණිලි බණ්ඩාරගම පොලිස් ස්ථානය වෙත තමන් ඉදිරිපත් කළ බවද ඇය ප්‍රකාශ කර සිටියි.

කෙසේ වෙතත් මෙම පැමිණිලි සම්බන්ධයෙන් විදිමත් විමර්ශනයක් සිදු කර නොමැති බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කරන අතර මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් තවමත් පොලීසිය අත්අඩංගුවට ගෙන නොමැති බවත්, තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සිටින බවත් බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට දන්වා තිබේ.

Neth gossip news