Tuesday, February 10, 2026
Follow Us
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින් ඇරඹේයි

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින් ඇරඹී ලබන මස පළමු වැනි දා දක්වා ක්‍රියාත්මක බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේය.

මෙරට මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ක්‍රියාත්මක වන බව ඔහු සඳහන් කළ අතර පොසොන් සතිය නිමිත්තෙන් සුරාබදු දෙපාර්තුමේන්තුව දිවයින පුරා ක්‍රියාත්මක කළ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ මෙහෙයුමෙන් පුද්ගලයින් 1287 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් කළේය.

පසුගිය 13 වන දා සිට 19 වැනි දා දක්වා සිදු කළ මෙම වැටලීම්වලින් රුපියල් ලක්ෂ 65 කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ ඒ සඳහා භාවිත කළ උපකරණ ද සිය භාරයට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

(Aruna)