Friday, October 18, 2024
Follow Us
පාස්කු ප්‍රහාරයට මුමාවී මුස්ලිම් ඩයස්පෝරාවක්

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට මුවාවී යුරෝපයේ මුල් වරට ශ්‍රී ලාංකික මුස්ලිම් ඩයස්පෝරාවක් ආරම්භ වී ඇත. ශ්‍රී ලංකාවේ සිට ප්‍රංශයට පැන ගොස් දේශපාලන රැකවරණය ලබා ගත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දෙදෙනෙකු විසින් ආරම්භ කර ඇති මෙම ඩයස්පෝරා කල්ලිය අරමුදල් එකතු කිරීමද ආරම්භ කර තිබේ.

මේ මුස්ලිම් ඩයස්පෝරා කල්ලිය පසුගිය සතියේ සිට යුරෝපා රටවල සිටින ඉස්ලාමීය අන්තවාදීන්ගේ සහාය ලබාගෙන ඇත. ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ පා ඇතැයි මොවුන් අන්තවාදීන්ට පවසා ඇත.

විදේශීය ඉස්ලාමීය අන්තවාදීන් පිරිසකගේ සහයෝගයෙන් ජිනීවා නුවර මානව හිමිකම් මූලස්ථානය ඉදිරිපිට බොදු බල සේනාවේ නායක ගලබොඩ අත්තේ ඥාණනසාර හිමියන්ට එරෙහිව විරෝධතාවක් ද පවත්වා තිබේ. විරෝධතාවය ඇමතූ ශ්‍රී ලාංකික මුස්ලිම් ක්‍රියාකාරිකයෙක් කොටි ඩයස්පෝරාව තමන්ට සහාය පළ කරන බව ද සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව සංහාරය කිරීමට සිංහල බෞද්ධයන් ක්‍රියාකරන බව දන්වමින් මෙම මුස්ලිම් ඩයස්පෝරා කල්ලිය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. ඩයස්පෝරා කල්ලිය විදේශ රාජ්‍ය නොවන සංවිධානයට මුදල් ගෙවා ඔවුන්ගේ නම යටතේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඇමැතීම සඳහාද ලියාපදිංචිය ලබාගෙන ඇත.

Divaina