Friday, October 18, 2024
Follow Us
මඩකලපුව විශ්ව විද්‍යාලය රජයට පවරා ගැනීමට නීතියෙන් ඉඩක් නෑ - හිස්බුල්ලා

ආන්දෝලනාත්මක මඩකළපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය රජයට පවරා ගැනීමට නීතියෙන් ඉඩක් නොමැති බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා පවසනවා. එම විශ්ව විද්‍යාලය රජයට පවරා ගැනීම පිළිබද තමන් සමග සාකච්ඡා කළ යුතු බවයි ඔහු කියා සිටියේ.

ඒ පිළිබද සාකච්ඡා කිරීමට සූදානම් බවද නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා නෙත් නිවුස් වෙත සදහන් කළා.

ආන්දෝලනාත්මක මඩකළපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය රජයට පවරා ගැනීමට කටයුතු කරන්නේ නම් ඒ සදහා ආණ්ඩුව ක‍්‍රමවත් යෝජනා ඉදිරිපත් කළ යුතු බවයි මෙහිදි ප‍්‍රකාශ කෙරුණේ.

(Neth)