සෑම අතින්ම කඩාවැටී ඇති මේ රට නැවත ගොඩනැගිය හැකි බවත්, එහෙත් ඒ වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම් කළ යුතු බවත්, කැපකිරීම් කළ යුත්තේ ජනතාව වෙනුවට දේශපාලනඥයින් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ආණ්ඩු පක්ෂයේ රැදී සිටිමින් ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට සාකච්ඡා කරමින් සිටින බව ආණ්ඩුවේ සාමාජික පක්ෂ 11 හේ කණ්ඩායම පවසනවා.
මේ වන විට ඉන්දුනීසියාව වැනි රටවල් හරිත ගිණුම්කරණය සිදුකරන බවත් එය නිශ්චිතවම ශ්‍රී ලංකාවට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඒ හරහා රටේ තිබෙන ජාතික වශයෙන් වැදගත් වන පාරිසරික සහ වනජීවී සම්පත් පිළිබඳව නිශ්චිත ගණනයක් ලැබිය හැකි බවද ඒ මහතා පවසයි.
විමල් වීරවංශ මහතාව සහ උදය ගම්මන්පිල මහතාව කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට විරෝධය පළකරමින් කැබිනට් රැස්වීම්වලට සහභාගී වීමෙන් වළකින නමුත් අමාත්‍ය ධුරයෙන් ඉවත් නොවන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන හිටපු අමාත්‍යවරුන් තවදුරටත් ආණ්ඩුව තුළ රදවා ගැනීමට කටයුතු කළ යුතු බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් තනතුරුවලින් ඉවත් කළේ ඔවුන් කලක් තිස්සේම තමතමන්ගේ බල අරමුණු වෙනුවෙන් විපක්ෂයට අවශ්‍ය පරිදි රට පාවාදීමේ ක්‍රියාදාමයක නිරත වීම නිසා බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා ආණ්ඩු බලය යනු කුමක්දැයි නොදැන සිටි අතර ඔවුන්ව වෙන වෙන පුද්ගලයින් විසින් පාවිච්චි කෙරුණු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
අමාත්‍ය ධූරවලින් ඉවත් කළ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මෙන්ම අමාත්‍ය වාසුදේව නානායක්කාර, අරලියගහ මන්දිරයට කැඳවා තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනා අතර විශේෂ සාකච්ඡාවක් ලබන අගහරුවාදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
බැසිල් රජාපක්ෂ අමාත්‍යවරයා සම්බන්ධයෙන් ඊයේ දින විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා සිදුකරන ප්‍රකාශය ඉතා බරපතල හෙයින් වහාම බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යාංශය සම්බන්ධයෙන් ආණ්ඩුව පරීක්ෂණයක් කළ යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේය.
2016 වසරේ බැඳුම්කර වෙන්දේසියේදී සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකට එරෙහිව පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කළ චෝදනා වලින් නිදහස් කර තිබේ.
ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණයකට හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව වෙනම මැතිවරණවලට තරගවැදීමේ හෝ තීරණයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් එළඹ නොමැති බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම සංවිධායකවරු සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු අතර, විශේෂ සාකච්ඡාවක් මේ වන විට නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වෙනවා. ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.
විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවේ කුඩා පක්ෂ 11 නියෝජනය කරන දේශපාලනඥයින් මේ වනවිට අයිති ඉතිහාසයේ කුණු බක්කියට බවත් ඔවුන්ට වත්මන් දේශපාලනය අලුත් කිරීමේ හැකියාවක් නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා ඇමති ධුරවලින් ඉවත් කිරීමේ ජනාධිපතිවරයාගේ තීරණයට විරෝධය පළ කරමින් පක්ෂ 11 කණ්ඩායම නියෝජනය කරන සියලු දෙනා කැබිනට් තනතුරු අත්හැරිය යුතු බවට සාකච්ඡාවක් එම කණ්ඩායම තුළ ඇතිව තිබෙනවා.
Page 194 of 554