ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහට බැන මරණීය තර්ජනය කිරිම සම්බන්දයෙන් පුද්ගලයකු ඊයේ (20) අත්අඩංගුවට ගත්බැව ඌරගස්මංහන්දිය පොලිසිය පවසනවා.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ වනජීවී රැකවරණ, අලිවැට හා අගල් ඉදිකිරීමේ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා අතර බරපතළ මට්ටමේ ගැටුමක් ඇතිවී ඇති බව වාර්තා වේ.
ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වය වන පොදුජන පෙරමුණෙන් ශ්‍රීලනිපයට කෙතරම් කෙනෙහිලිකම් සිදු වුවද ආණ්ඩුවෙන් එළියට යාමට ශ්‍රීලනිය සූදානම් නොමැති බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ට උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. මුහුණ සමග තරහ වී නහය කපා ගැනීමට නොහැකි බවත්, ආණ්ඩුවේ සම්පූර්ණ කාලසීමාව අවසන් වනතෙක් ආණ්ඩුව තුළ සිටීමට සිදුවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
මැතිවරණ කොමිෂන් සභාව සහ පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් අතර සාකච්ඡාවක් ලබන 23 වන බදාදා මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. 2022 ඡන්ද හිමි නාමලේඛණය ප්‍රතිශෝධනය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ගැනෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
ආණ්ඩුව තුළ මේ වනවිට අර්බුදකාරී තත්වයක පසුවන නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (17) දිනයේදී මේ සම්බන්ධයෙන් පළමු වරට මාධ්‍ය වෙත අදහස් දක්වා තිබිණි.
සුනිල් හඳුන්නෙත්ති කියන දේශපාලනඥයා හැටියට මම ඉන්නෙ මොන “ටීම්” එකේද කියන එක අද වෙන කොට හුඟක් දෙනෙක් ඉන්නවා.නමුත් මම අපේ රටේ හුඟ දෙනෙක් නොදන්න සමහර විට අහලාවත් නැති තව ටීම් එකකත් ඉන්නවා.ඒ තමයි අයති. අයති කියන්නේ ළමා සංවර්ධන ජාතික මධ්‍යස්ථානයක්.
පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුමය යන්න තම ස්ථාවරය බව කොළඹ අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත පියතුමා අවධාරණය කරයි.
ඉක්මනින් ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගරසභා යන පළාත් පාලන ආයතන සඳහා මැතිවරණය පැවැත්වීමට රජය බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තුවේ සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
Speaker Mahinda Yapa Abeywardena has endorsed five Bills, which were taken into debate recently,the Communications Department of Parliament said.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක දේශපාලන පිළිගැනීම් පිළිබද සොයා බලන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබෙනවා.
භාණ්ඩ මිල ඉහළයෑම වැළැක්වීමට පාලන මිල පැනවීම විසඳුමක් නොවන බවත් ප්‍රශ්නය වී ඇත්තේ ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නොමැති වීම බවත් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක මහතා අමාත්‍යංශ ලේකම් තනතුරින් ඉවත් කර ඒ වෙනුවට වෙනත් පුද්ගලයෙකු පත් කිරීමට නියමිත බව වාර්තා වේ. ලේකම් ධුරයෙන් ඉවත් කරන රංජිත් දිසානායක මහතා වෙනත් රාජ්‍ය අමාත්‍යංශයක ලේකම් ධුරයට හෝ ප්‍රබල රාජ්‍ය ආයතනයක සභාපති තනතුරට හෝ පත් කිරීමට නියමිත බවද වාර්තා වේ.
ජනතාව බලාපොරොත්තුවූ අරමුණු ඉටුකිරීමට ආණ්ඩුවට තවත් කෙටි කාලයක් අවශ්‍ය බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසනවා. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
රටේ කිසිදු ඉන්ධන හිගයක් නොමැති බවත්, කෙසේ නමුත් විපක්ෂය විසින් විටින් විට ඉන්ධන හිගයක් තිබෙන බවට අසත්‍ය පුවත් සමාජගත කරමින් ජනතාවට කලබලයට පත් කරන බවත් වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. අවස්ථා ගණනාවකදී ඉන්ධන හිගයක් සම්බන්ධයෙන් විපක්ෂය බොරු ප්‍රචාර ගෙනගිය නමුත් කිසිදු අවස්ථාවක හිගයක් ඇති නොවන පරිදි ඉන්ධන ලබාදීමට ආණ්ඩුව සමත් වූ බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.
Page 194 of 551