Friday, July 04, 2025
Follow Us
ඇමති බැසිල්ට එරෙහිව විශ්වාසභංගයක්

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂට එරෙහිව අවශ්‍ය මොහොතේදී විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කරන බව සමගි ජනබලවේගය පවසනවා. එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ ඒ සදහා වන සාකච්ඡා මේ වනවිට පක්‍ෂය තුළ ආරම්භ කර ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට ආණ්ඩුවට නිසි සැලැස්මක් නොමැති බව සමගි ජන බලවේගය පවසනවා.

කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසුවේ ඉහළ ගිය භාණ්ඩ මිල පහත දැමීමට අවශ්‍ය ක්‍රියාමාර්ග රජය විසින් ඉදිරියේදී ගන්නා බවයි.

ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ රට ගොඩගැනීමට නොහැකි මට්ටමකට කඩා වැටී ඇති බවයි.

කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමට පෙර සිට රටේ ආර්ථික ගැටළු පැවති බවයි. එහෙත් ඊට මුහුණ දීම සඳහා වත්මන් රජය අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ සඳහන් කළා.

(Neth)