පළමු ඉනිමේ පිතිකරණය දුර්වලයි
ආණ්ඩුවේ තිබෙන වැරදි හදාගෙන ඉදිරියට යෑමට හැකියාව පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා පවසයි.
ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, 77 සහ 2015 සිදුවීම් පිළිබඳ මතකයේ තබාගෙන තීන්දු තීරණ ගත යුතු බවය.
මේ අතර තමා මුල සිටම IMF ආයතනයට යෑම වරදක් නොමැති බවට පැවසු බව ද සඳහන් කළ මන්ත්‍රීවරයා, පමා වී හෝ ආණ්ඩුව එතැනට යොමුව ඇතැයි පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වු ඩිලාන් පෙරේරා මහතා,
“දැන් ඩොලර් ප්‍රශ්නය පාවෙන්න ඉඩ නොදි මහ බැංකුව මැදිහත් වෙලා යම් ස්ථාවර මට්ටමක තියා ගන්න ගියාම විරුද්ධ පක්ෂය නිතරම කිව්වා රුපියල පා කරන්න කියලා. දැන් ඔන්න පාවෙන්න ඇරියා. දැන් කියනවා ඇයි පාවෙන්න ඇරියේ බඩු මිල ගණන් යනවා නේ කියලා. ආණ්ඩුවක් කියලා කියන්නේ ටෙස්ට් මැච් එකක්. 20යි 20 මැච් එකක්වත් 50 මැච් එකක්වත් නෙමෙයි. පළමු ඉනිමේ අපිට පිතිකරණය දුර්වලයි. ඒ පිතිකරණය දුර්වල වුණ තැන් හදාගෙන දෙවැනි ඉනිම හොඳට සෙල්ලම් කළොත් අර කරපු වැරදිත් හදාගෙන ජාම බේර ගන්න පුළුවන්.”
(Aruna)