වත්මන් ආණ්ඩුව ඇමරිකානු MCC ගිවිසුම නැවතත් වෙනත් ආකාරයකින් ගෙන ඒමට සූදානම් වන බවත් තමන් ඇතුළු ප්‍රගතිශීලී, දෑහිතකාමී ජනතාව විසින් නිර්මාණය කළ මේ ආණ්ඩුව අවලස්සන ඇමරිකානුවකු විසින් අද බංකොලොත් කරමින් තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙහි විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) රාත්‍රියේ පැවැත්වී තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව 23 වැනිදා පැවැත්වීමට නියමිතය. මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වලට ආරාධනා කර තිබෙනවා.
ආරක්ෂක පද්ධතියට මුවාවෙමින් මෙරට අහස සම්පුර්ණයෙන්ම ඉන්දියාවට විකුණා දැමීම සඳහා ඊයේ දින කැබිනට පත්‍රිකාවක් ඉදිරිපත්ව තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද (22) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අනාවරණය කළේය.
සර්ව පාක්ෂික සමුළුවක් කැදවීමෙන් ආණ්ඩුවට විශේෂ සහයෝගයක් ලබාදීම අදහස් නොවන නමුත් මේ මොහොතේ ජනතාව මුහුණ දී සිටින දැඩි පීඩාකාරී තත්ත්වයෙන් ජනතාව මුදවා ගැනීම සියලු දේශපාලන නායකයින්ගේ වගකීමක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කළේය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF වාර්තාව තවමත් නිල වශයෙන් නොලැබීම පිළිබඳ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්ණ කළා.
නුදුරේදීම විදුලි බිල් වැඩිකෙරෙනු ඇති බවත් විදුලි ඒකක 30 ක මිල 500% කින් ඉහළ නැංවීමට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවත් බතික් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
රටේ ආර්ථිකය මේ වන විට ආපදා තත්ත්වයකට කඩා වැටී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු සඳහන් කළේ එම තත්ත්වය මේ වන විට සෑම ජන කොටසකටම බලපා ඇති බවයි.
කෑගල්ල ප්‍රදේශයේ පැවති ජනතා විරෝධතාවක් අතරතුර තමන්ට ගෑස් සිලින්ඩරයකින් පහරදී ඇති බවට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර යන පුවත් අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි.
ලබන 23 වෙනිදා පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුව සදහා සහභාගි වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් පැවසුවේ රටේ පවතින ප්‍රශ්න පිළිබද සාකච්ඡා කිරීමට පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊට සහභාගි වන බවයි.
ඩොලර් අර්බුදය හමුවේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ගත යුතු සියළු පියවර මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ රැසක් ආනයනය සීමා කළේ ඉන් එක් පියවරක් ලෙස බවයි.
Page 189 of 554