ඉදිරියේදී බිහිකිරීමට නියමිත ජාතික ආණ්ඩුව භයානක දේශපාලන සූදුවක් විය හැකි බවට තදබල අනතුරු හැඟවීමක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට, ඒ මහතාගේ සමීප දේශපාලන සගයින් කිහිපදෙනෙකුගෙන් ලැබී ඇති බව වාර්තා වේ.
As the opposition alleged that Finance Minister Basil Rajapaksa has not made any statement in Parliament since December 10 last year on the status of Sri Lanka’s economy, Speaker Mahinda Yapa Abeywardene said he has no right to force any Minister to make a statement in the House while there is provisions for taking disciplinary action against an MP if he/she fails to attend sessions for three months.
පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සඳහා නැවත වාහන බලපත්‍ර ලබාදීමට නියමිත බව වාර්තා වේ. ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම සහ ආණ්ඩුවේ ප්‍රබලයෙකු සමග පැවති සාකච්ඡාවකදී මෙම පොරොන්දුව ලබා දී තිබේ.
ඊයේ (10) සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහභාගී වී තිබුණු අතර ඔහු එහිදී රාජපක්ෂ පවුලට ඉතාම දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට ද කටයුතු කළේය.
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ හෙවත් රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව අද (10) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.
පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පතට සමගි ජන බලවේගය විරුද්ධවන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අද ප්‍රකාශ කළා. ඒ, අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් එම පනත් කෙටුම්පත දෙවනවර කියවීම ආරම්භ කළ අවස්ථාවේදියි.
අමාත්‍ය වාසුදේව නානායක්කාර සිය අමාත්‍යාංශයේ රාජකාරීවලින් බැහැරව සිටීමෙන් පීඩාවට පත් වන්නේ මෙරට ජනතාව බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවක සංගමය පවසනවා.
ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාවක් මේ මොහොතේ පැන නැගී නැති බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කිපයා සිටියා.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්‍ෂික සමුළුවක් ලබන 23 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. එදින එම සාකච්ඡාව පෙරවරු 10.00 ට ජනාධිපති කාර්යාලයේ පැවැත්වීමටයි මේ වනවිට තීරණය වී ඇත්තේ. ඒ සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්‍ෂවලට ආරාධනා කිරීමට නියමිතව තිබෙනවා.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡාවක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දින වෙන්කර තිබෙනවා. ඒ අනුව අදාල සාකච්ඡාව මාර්තු 15 වැනිදා පැවැත්වේ.
මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට කැඳවා රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයක් සිදුකරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අද කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා.
President Gotabaya Rajapaksa had called for an all party conference to discuss the current economic situation in the country, Leader of the House Dinesh Gunawardene informed Parliament today.
තමන්ව බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉවත් කළේ මෙරට LNG සැපයුම ඇමරිකාවට ලබාදීමේ වෑයමට තමන් බාධාවක් වූ නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
අමාත්‍යධූරවලින් ඉවත් කරනු ලැබූ විමල් විරවංශ, උදය ගමම්මන්පිල සහ අමාත්‍යධූරයේ කටයුතුවලින් ඉවත් වී සිටින වාසුදේව නානායක්කාර ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම වර්ජනය කර තිබෙනවා.
පුටින් විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට තීරණය කිරීම සිදු නොවිය යුතු දෙයක් බව එජාප නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කෙසේ නමුත් උපක්‍රමයක් ලෙස පුටින් කළ දේ නිවැරදි බවද වික්‍රමසිංහ මහතා පවසනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පසුගියදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ආටිකල් IV යටතේ නිකුත් කළ වාර්තාව හැකි ඉක්මනින් පක්ෂ නායකයින් වෙත ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටියේය.
Page 189 of 551