Tuesday, July 01, 2025
Follow Us
අගමැතිකම රනිල්ට දීම ගැන මහින්ද කිව්ව කතාව

ඉදිරි මැතිවරණවලිනුත් පොහොට්ටුව ජය ගන්නවා


තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාට නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට අවස්ථාව ලබාදෙන බවට සඳහන් කරමින් පළවන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

තම ධූර කාලය අවසන් වන තුරු ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිගටම කටයුතු කරන බවත් ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයද ජයග්‍රහණය කිරීම තම පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි බවට විශ්වාස කරන බවත් ඔහු පවසයි.

“මගේ ධුර කාලය අවසන් වන තුරු මම රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන අතරම ඉදිරි මැතිවරණ වලිනුත් අපි ජයග්‍රහණය කරනවා. මට තව ටික කාලයක් තියෙනවා. මම වහාම විශ්‍රාම යන්නේ නැහැ. ජාතික ආණ්‌ඩුවක්‌ ගැන කියන කතා ඔක්කොම බොරු….මට රනිල් හෝ සජිත් සමග කරන්න දෙයක් නෑ. ඒ සියල්ල බොරු.”යැයි අග්‍රමාත්‍යවරයා පැවසීය.

පවතින ආර්ථික, විදුලිබල, ඉන්ධන සහ ගෑස් ගැටලු කඩිනමින් විසඳන බවත් රජය එ සඳහා අවධානය යොමු කරන බවත් අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

(Aruna)