Tuesday, July 01, 2025
Follow Us
සහනාධාර ආර්ථික දුෂ්කරතාවලට විසදුම නොවේ - විපක්ෂය කියයි

රුපියල් 5,000ක සහනාධාරයක් ලබා දීම ජනතාව මුහුණ පා සිටින ආර්ථික දුෂ්කරතාවලට විසදුමක් නොවන බව සමගි ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පැවසුවේ පවතින ආර්ථික අර්බුදය නිසි කළමණාකරණය නොකළ හොත් රට තවත් අගාධයට ඇද වැටිය හැකි බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පැවසුවේ සහනාධාර ලබා දීම සදහා රජය තව දුරටත් මුදල් අච්චු ගැසීමෙන් උද්ධමනය තවත් ඉහළ යා හැකි බවයි. එබැවින් මේ මොහොතේ සිදුකළ යුතු වන්නේ අත්‍යාවශ්‍ය භාණ්ඩවල බදු අඩු කර සියළු ජනතාවට යම් සහනයක් ලබා දීම බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති වැඩිදුටත් පෙන්වා දුන්නා.

අඩු ආදායම් ලාභී පවුල් ලක්ෂ 32 ක් සඳහා රුපියල් 5,000 බැගින් මාස 02ක කාලයක් විශේෂ දීමනාවක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණේ ඊයේ දිනයේදීයි. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් එම විශේෂ දීමනාව ලබා දීමට තීරණය වී තිබෙනවා.

(Neth)