සිය ධූර කාලය තුළ පැවැති අයුරින් මිත්‍රශිලී විදේශ ප්‍රතිපත්තියක් රටේ නොමැති වීම පවතින අර්බුදකාරී තත්ත්වය උග්‍රවීමට හේතුවක් වී ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී ලිබර්ටි පබ්ලිකේෂන් ආයතනයට අයත් දිනපතා ඉංග්‍රීසි පුවත්පතේ පළවූ වාර්තාවක් හේතුවෙන් තම වරප්‍රසාද කඩවී ඇති බව සඳහන් කළේය.
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කොන්දේසි තුනක් මත සහය ලබාදීමට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
ද්විත්ව පුරවැසිභාවය සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නීතියක් ගෙන ඒමට පෙර එක් පුරවැසිභාවයක් අහෝසි කර ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා.
අත්තනෝමතික අධිකාරීවාදී පාලනයකට රට නතුකරගැනීමේ අපේක්ෂාවෙන් යුතුව සම්මත කරගෙන තිබූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බල රහිත කරමින් ශ්‍රී ලකා පාර්ලිමේන්තුව අද දිනයේ 22 වැනි සංශෝධනය සම්මත කරගැනීමට කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියළුම පුරවැසියන් ලද සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස අපි සලකන්නෙමු.
ගුවන්තොටුපලේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවකු වන ජපානයේ තායිසේ සමාගමෙන් අල්ලස් ඉල්ලීම සම්බන්ධයෙන් එල්ල වී තිබුණු චෝදනාවලින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාව නිදහස් කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කටයුතු කර තිබේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න කෝරළේ විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයන් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට සමගි ජන බලවේගය සමත්ව තිබේ.
22 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඊට අදාළ විවාදය අද දිනයේද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. 22 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදෙන බවට දැනටමත් විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර අවසන්.
ගාල්ල – හිනිදුම, හිනිදුම්පත්තුව සමූපකාර සමිතියේ නිලවරණයෙන් ද ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගය සමත් වී තිබේ.
පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන 22 වන ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් ඡන්දය ප්‍රකාශ නොකරනු ඇතැයි වාර්තා වනවා.
මේවනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්විත්ව පුරවැසිභාවය සහිත සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.
පුනරුත්ථාන කාර්යාංශ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ ඡන්දය විමසන අවස්ථාවේ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නොපැමිණීම ප්‍රශ්න සහගත බව සමගි ජනබලවේගය පවසනවා.
PM requests Speaker to issue a directive summoning relevant heads of institutions before the Committee on Public Accounts
Reveals many Govt. agencies have failed to submit financial reports to Parliament over the years
Says institutions have failed in carrying out their duties under consecutive governments
වත්මන් ආර්ථික අර්බුධය විසදීමට නම් ඇති එකම විසදුම වන්නේ ජනතාව මත බදු නොපනවා රාජපක්ෂ පවුල විසින් පසුගිය දශකයකට ආසන්න කාලයක් විවිධ ගිවිසුම්, කොන්ත්‍රාත්, ගණුදෙනු හරහා හොරා කන ලද අපේ රටේ ධනය නැවත පවරා ගෙන එමගින් රාජ්‍ය ආදායම වැඩි කර ගත හැකි බවත් හොරු ඇල්ලීම තුළින් ඔවුන් හොරා කන ලද ඩොලර් නැවත රටට ගෙනවිත් රටේ ආදායම වැඩි කර ගත හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Page 104 of 556