Thursday, March 26, 2026
Follow Us
නොවැම්බර් 02 වනදා ආණ්ඩුවට එරෙහිව කොළඹදී ඒකාබද්ධ විරෝධතාවක්

එළඹෙන නොවැම්බර් 02 වනදා ආණ්ඩුවට එරෙහිව කොළඹදී ඒකාබද්ධ විරෝධතාවක් පැවැත්වීමට දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති ගණනාවක් සූදානම් වනවා. ඒ සම්බන්ධයෙන් 25 පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්.

සාමකාමී විරෝධතා මර්ධනය ඇතුළු කරුණු 06 ක් මුල්කර ගනිමින් එම ඒකාබද්ධ විරෝධතාව පැවැත්වෙන බව ද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් එහිදී කියා සිටියා.

එම මාධ්‍ය හමුවට එක්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජුබර් රහුමාන් පැවසුවේ සිය පක්ෂය ද එම ඒකාබද්ධ විරෝධතාවට සහය ලබාදෙන බවයි.

Neth