Thursday, March 26, 2026
Follow Us
පොහොට්ටුවේ පිරිසක් එජාපයට

සමාජ මාධ්‍ය වාර්තා වලට රංගේ බණ්ඩාරගෙන් ප්‍රතිචාර


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බොහෝ පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එකතු වීමට කැමැත්තෙන් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 40 දෙනකු පමණ එක්සත් ජාතික පක්ෂයට එක්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා වලට ප්‍රතිචාර දක්වමින් එජාප මහා ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයට එකතු වීමට බොහෝ දෙනෙක් කැමැත්තෙන් සිටින නමුත් ඔවුන් එන නිශ්චිත කාලයක් ගැන කිව නොහැකි යැයිද මහා ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

Aruna