Sunday, May 05, 2024
Follow Us
අපි ඇල්පිටිය දිනලා ඉවරයි. ඡන්ද ප්‍රතිශතය සීයට හැත්තෑ පහයි - බැසිල්

ඔක්තෝබර් 11 වනදා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වනවිටත් ජයග්‍රහණය කර අවසන් බව එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

පක්ෂයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයින් පිරිසක් සමඟ පසුගියදා පැවති සාකච්ඡාවකදී ඒ මහතා අවධාරණය කර ඇත්තේ පොහොට්ටුව ඇල්පිටියේදී අවම වශයෙන් 75%ක ඡන්ද ප්‍රතිශතයක් අත්පත් කරගන්නා බවයි.

එක්සත් ජාතික පක්ෂය මේ වනතෙක්ම ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය වෙනුවෙන් කිසිදු අවධානයක් යොමු නොකරන තත්වයක් තුළ ඔවුන්ගේ පක්ෂ අභ්‍යන්තර ගැටුමම පොහොට්ටුවට ආශිර්වාදයක් වී ඇති බව පෙන්වා දී ඇති ඒ මහතා මාසයකටත් අඩු ඉදිරි කාලසීමාව තුළ ද ඔවුන්ට ජනමතය වෙනස් කෙරෙන යමක් සිදුකළ නොහැකි හෙයින් ඉතාම පහසුවෙන් මෙම ඡන්ද ප්‍රතිශතය පොහොට්ටුවට අත් කරගත හැකි බවයි ප්‍රකාශ කර ඇත්තේ.

(LNW)