Tuesday, October 22, 2024
Follow Us
අපි ඉතිං දිනන පැත්තට හෝයියා - බදූර්දීන්

තමන් ජනාධිපතිවරණයකදී සහාය ලබාදෙන්නේ ජයග්‍රහණය කරන පාර්ශ්වයට බවත් 2005 වසරේ සිටම කටයුතු කළේ ඒ ආකාරයෙන් බවත් අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතා පවසයි.

ඒ අනුව තමන් 2005 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය දුන් අතර ඔහු ජයග්‍රහණය කළ බවත් 2010 වසරේදී ද මහින්ද රාජපක්ෂ මහතාටම සහාය දුන් අතර ඔහු යළිත් ජයග්‍රහණය කළ බවත් 2015 වසරේදී තමන් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කළ අතර ඔහුත් ජයග්‍රහණය කළ බවත් අමාත්‍යවරයා සිහිපත් කළේය.

එහෙයින් 2019 ජනාධිපතිවරණයේදී ද දිනන අපේක්ෂකයාට තම පක්ෂයේ සහාය හිමිවනු ඇති බවයි ඒ මහතා අවධාරණය කළේ.

රිෂාඩ් බදූර්දීන් මහතා මේ බව පැවසුවේ ඊයේ (04) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

(LNW)