Tuesday, October 22, 2024
Follow Us
ගැටුම උග්‍ර වේ…. 5 වැනිදා සමුළුව වර්ජනය කිරීමට සජිත් පිලේ සූදානමක්

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට අදාල ව්‍යවස්ථා කෙටුම්පත සංශෝධනය නොකර ජනාධිපති අපේක්ෂක නම් නොකර 5 වැනිදා සන්ධානය එළි දක්වනවා නම් ඒය වර්ජනය කිරීමට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය සූදානමින් සිටින බව වාර්තා වේ.

නව සන්ධානයේ මහලේකම් ධූරයට ‌‌දොස්තර රාජිත සේනාරත්න මහතා නම් නොකොට ඒ සඳහා සජිත් ප්‍රේමදාස මහතා පත් කළ යුතු බවත් ජනාධිපති අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත්කොට එම සන්ධානය සහ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරන මහා සමුළුව ගාලුමුවදොර ක්‍රීඩාංගනයේ පවත්වන ලෙසට කරන ඉල්ලීම සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාර්ශවයේ ප්‍රධාන කොන්දේසි වේ.

නමුත් මෙම කොන්දේසිවලට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය එකඟත්වය පළ කර නොමැත. ඒ අනුව 5 වැනිදා පැවැත්වීමට නියමිත සන්ධාන ගතවීමේ උත්සවය පෙර සූදානම් කරගත් ආකාරයට පැවැත්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය තීරණය කර ඇති බවද වාර්තා වේ.

(Lanka Leads)