Monday, September 15, 2025
Follow Us
පොදුජන ඒකාබද්ධ පෙරමුණේ අපේක්ෂකයා ‘ ජාතික අපේක්ෂකයා ‘ ලෙස නම් කෙරේ

ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනගන පුළුල් ජාතික සන්ධානය ශ්‍රී ලංකා පොදුජන ඒකාබද්ධ පෙරමුණ වශයෙන් නම් කිරීමට යෝජනා වී තිබේ.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා විපක්ෂය විසින් නම් කරනු ලබන ජනාධිපති අපේක්ෂක ‘ ජාතික අපේක්ෂක ‘ ලෙස නම් කිරීමටද ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් යෝජනා කර තිබේ.

හිටපු ජනාධිපති , විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්විමේදී මෙම යෝජනා ඉදිරිපත් වු බවද වාර්ථා වේ.

(Lanka Leads)