Tuesday, February 24, 2026
Follow Us
ශ්‍රීලනිපයේ සහාය කාටද – තීරණය සැප්තැම්බර් 2 වනදා

ජනාධිපතිවරණයේදී තමන් සහාය දෙන්නේ කාටදැයි ලබන සැප්තැම්බර් මස 2 වනදා පැවැත්වෙන පක්‍ෂ සම්මේලනයේදී ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසයි. කොළඹ පිහිටි එම පක්‍ෂ මූලස්ථානයේ 01 පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මේ බව සදහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකද මෙහිදී අදහස් පළ කරමින් කියා සිටියේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සිය ද්විත්ව පුරවැසිභාවය ඉවත් කළ බවට සදහන් ලිපිය හැකි නම් ප්‍රසිද්ධ කරන ලෙසය.

(Lanka Leads)