Tuesday, October 22, 2024
Follow Us
පොහොට්ටුවේ පදයට නටන්න අපි සූදානම් නෑ

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණවලදී එක්ව කටයුතු කරන්නේ නම් ජනාධිපතිවරණ අපේක්‍ෂකයා නම් කළ යුත්තේ දෙපාර්ශවයේම එකඟත්වයෙන් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

එසේ නොමැතිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අපේක්‍ෂකයෙක් නම් කර ඔහුට සහය දෙන්නැයි ඉල්ලූවහොත් තම පක්‍ෂයට වෙනත් තීන්දුවක් ගැනීමට සිදුවන බව මහලේකම්වරයා සඳහන් කළේය.

මහලේකම්වරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(Lanka Leads)