Wednesday, April 01, 2026
Follow Us
මහල් නිවාස නවීකරණය වෙනුවෙන් ක්‍රියාත්මක Metro Uplift වැඩසටහන  ඇරඹේ
මෙරට නාගරික, අර්ධ නාගරික මහල් නිවාසවල පදිංචිකරුවන්ගේ ජන ජීවිත සජීවීකරණය කරමින් ඔවුන්ට ආරක්ෂිත සහ සුවපහසු දිවියක් උදාකරදීම අරමුණු කර ගනිමින් රජය විසින් සමාජ සුබසාධන ව්යාපෘති රැසක් මේ වනවිට ආරම්භ කර ඇත.

 

ඒ අනුව ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යංශය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරියෙන් ක්රියාත්මක මහල් නිවාස සංකීර්ණ 24 ක නවීකරණ කටයුතු පසුගිය කාලයේ ආරම්භ කෙරිණ. එම මහල් නිවාසයන්හි භෞතික නවීකරණයන්ට සමගාමීව විවිධ ගැටළු සමග එම නිවාසයන්හි දිවිගෙවන පදිංචිකරුවන්ගේ කායික, මානසික සුවපහසුව ඇතිකිරීම සඳහා සමාජ සජීවීකරණ වැඩසටහනක් ද ආරම්භ කෙරිණ.
 
මහල් නිවාස සංකීර්ණවල පදිංචි අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් රජය විසින් ගෙන ඇති සුබසාධන වැඩපිළිවෙලෙහි තවත් තිරසර ඉදිරි පියවරක් ලෙස මෙම ‘Metro Uplift’ ජාතික වැඩසටහන ඊයේ (31) නාගරික සංවර්ධන නියෝජ්ය අමාත්ය එරංග ගුණසේකර මහතාගේ ප්රධානත්වයෙන් කොලොන්නව, සාලමුල්ල, ‘ලක්සඳ සෙවණ’ නිවාස සංකීර්ණයේ දී නිල වශයෙන් ආරම්භ කෙරිණ. මෙම ‘Metro Uplift’ සමාජ සුබසාධන ජාතික වැඩසටහන යටතේ 2026 වසර තුළ ප්රතිසංවිධාන රැසක් සිදුකිරීමට සැලසුම් කර ඇත. කොලොන්නාව ලක්සඳ සෙවණේ නවීකරණ කටයුතු සඳහා මෙම වර්ෂයට රුපියල් ලක්ෂ 1,288.7 ක් වෙන්කොට ඇත.
 
මෙම නවීකරණ යටතේ හානි වූ විදුලි සෝපාන අලුත්වැඩියාව, අලුතින් විදුලි සෝපානයක් ස්ථාපිත කිරීම, හානියට පත් නිවාස ඒකක දෙකක් පිළිසකර කිරීම, ළමා උද්යානය වැඩිදියුණු කිරීම, කසල කළමනාකරණය විධිමත් කිරීම, B සහ C ගොඩනැගිලිවල පොදු කවුළු, ආරක්ෂිත වැට අලුත්වැඩියාව සහ ගේට්ටු සවිකිරීම, A ගොඩනැගිල්ලේ කොරිඩෝ සදහා නව කාණු පද්ධතියක් ස්ථාපිත කර බාහිර බිත්ති පින්තාරු කිරීම, ප්රජා සවිබල ගැන්වීම වෙනුවෙන් සමාජ සජීවීකරණ වැඩසටහන් ක්රියාත්මක කිරීම සිදු කෙරේ.