Thursday, February 05, 2026
Follow Us
විෂ­ම­තා අවම කර ගුණා­ත්මක අධ්‍යා­ප­න­යක් දරු­වන්ට ලබාදීම රජයේ ප්‍රමුඛ අර­මු­ණයි

විෂ­ම­තාව අවම කර­මින් ගුණා­ත්මක අධ්‍යා­ප­න­යක් දරු­වන්ට දෙන්නත්, සහ­ක­ම්ප­න­යෙන් යුතු පරි­ස­ර­යට ආද­රය කරන මානු­ෂීය ගුණාං­ග­ව­ලින් පරි­පූර්ණ සමා­ජ­යට වග­කි­යන ප්‍රජා­වක් නිර්මා­ණය කිරී­මත් රජයේ ප්‍රමුඛ අර­මුණ බව අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සු­රිය පැව­සු­වාය.

අග­මැ­ති­නිය මේ බව පැව­සුවේ ජාතික ශිෂ්‍ය පාර්ලි­මේ­න්තුවේ මන්ත්‍රි­ව­රුන් අර­ලි­ය­ගහ මන්දි­ර­යේදී ඇය හමු වූ අව­ස්ථා­වේ­දීය. දිව­යින පුරා පාසල් නියෝ­ජ­නය කරන ජාතික ශිෂ්‍ය පාර්ලි­මේ­න්තුවේ නියෝ­ජි­තයෝ ජනා­ධි­පති කාර්යා­ලය සහ පාර්ලි­මේ­න්තුව නැර­ඹී­මෙන් අන­තු­රුව අර­ලි­ය­ගහ මන්දි­රය නැර­ඹී­මට ද සහ­භාගි වූහ.

නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණය ශිෂ්‍ය­යන් ලෙස තමන් වෙත ඍජු­වම බල­පාන කාර­ණ­යක් බවත්, නව තාක්ෂ­ණික ලෝකය සමඟ ඉදි­රි­යට යෑමේදී අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණ­යෙන් සිදු කරන නව්‍ය­ක­ර­ණය අති­ශය වැද­ගත් බවත්, අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණය වෙනු­වෙන් කොන්දේසි විර­හි­තව පෙනී සිටින බවත් ශිෂ්‍ය පාර්ලි­මේ­න්තුවේ නියෝ­ජි­තයෝ පැව­සූහ.

එහිදී අද­හස් දැක්වූ අග­මැ­ති­නිය මෙලෙස කීවාය.

“නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ පසු­ගි­යදා අපි පළමු ශ්‍රේණි­යෙන් ආරම්භ කළා. මේ වසරේ 6 ශ්‍රේණි­යට ඇතු­ළත් වන දරු­වන් ඉදි­රි­යේදී නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණ­යට ඇතු­ළත් කර­ගැ­නී­මට සාකච්ඡා කර­මින් යනවා. නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ නතර කරන්නේ නෑ. අපි උත්සාහ කරන්නේ අඩු­පාඩු නැතිව විධි­මත්ව නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණය සිදු කරන්න. ඒ සඳහා ප්‍රධාන කුලුනු පහක් යටතේ අපි කට­යුතු කර­මින් යනවා. විෂ­ම­තාව අවම කර­මින් ගුණා­ත්මක අධ්‍යා­ප­න­යක් දරු­වන්ට දෙන්නත්, සහ­ක­ම්ප­න­යෙන් යුතු, පරි­ස­ර­යට ආද­රය කරන මානු­ෂීය ගුණාං­ග­ව­ලින් පරි­පූර්ණ වගේම සමා­ජ­යට වග­කි­යන ප්‍රජා­වක් නිර්මා­ණය කිරී­මත් රජයේ ප්‍රමුඛ අර­මු­ණයි.”

මේ අව­ස්ථා­වට නියෝජ්‍ය අධ්‍යා­පන අධ්‍යක්ෂ කසුන් ගුණ­රත්න මහතා ඇතුළු අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ නිල­ධා­රීහු ද, ජාතික ශිෂ්‍ය පාර්ලි­මේ­න්තුවේ නියෝ­ජි­තයෝ ද සහ­භාගි වී සිටි­යහ.