Wednesday, December 10, 2025
Follow Us
ආපදා තත්ත්වයෙන් පසු ජල සැපයුම 99%ක් යථාතත්ත්වයට

ආපදාවට ලක් වූ ප්‍රදේශවල ජල සැපයුම 99% ක් මේ වන විට යථාවත් කර ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ වැඩ බලන සභාපති ඉංජිනේරු උපාලි රත්නායක මහතා පවසයි.

විල්ගමුව පිරිපහදුවේ වැලි තැන්පත්වීම නිසා එය ඉවත් කර ගැනීමට පවතින තත්ත්වය බාධා වීම නිසා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් මගින් ඒවා ඉවත් කිරීමට ඉතා ඉක්මනින් කටයුතු කරන බව ඒ මහතා සඳහන් කළේය.

ඉන් අනතුරුව සියයට සියයක් ජල සම්පාදනය යථාවත් කිරීමට හැකි බවත් නමුත් ජනතාවට අවශ්‍ය පානීය ජලය සියලු ප්‍රදේශවලට බවුසර් මගින් හෝ ලබාදීමට කටයුතු කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.