Wednesday, December 10, 2025
Follow Us
විපක්ෂ නායක ඔස්ට්‍රේ­ලි­යානු මහ­කො­ම­සා­රිස් හමු­වෙයි

දිට්වා සුළි කුණා­ටු­වෙන් විප­තට පත් ජන­තා­වට සහන සැල­සීම අර­මුණු කර­ගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා ඊයේ (08) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යා­ලයේ දී මෙරට ඔස්ට්‍රේ­ලි­යානු මහ­කො­ම­සා­රිස් Mathew Duckworth මහතා මුණ ගැසුණි.

එහි දී දෙපා­ර්ශ්වය අතර ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බ­න්ධ­යෙන් අද­හස් රැසක් හුව­මාරු විය.

සුළි කුණා­ටු­වෙන් ඇති වූ ආපදා තත්ත්වය නිසා ව්‍යාපාර බිඳ වැටීම, ජන ජීවිත කඩා වැටීම, යටි­තල පහ­සු­කම් රැසක් විනාශ වීම සිදු වූ බව එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැව­සීය.