Tuesday, July 01, 2025
Follow Us
වෙල්ගමට දේශපාලනයේ රිවස් ගියර් නෑ

රාජපක්ෂලාව දාල ආවෙ ආයේ කවදාවත් ඒ පැත්තට යන්න නෙමෙයි. කුමාර වෙල්ගමට දේශපාලනයේ රිවස් ගියර් නැතැයි’’ හිටපු මන්ත්‍රී කුමාර වෙල්ගම පෙරේදා (27දා) මතුගම, අගලවත්ත සහ බේරුවල ජනහමු අමතමින් කීවේය.

සමගි ජන බලවේගයේ ජනහමු අමතමින් කුමාර වෙල්ගම මහතා මෙසේද කීවේය.

‘‘පොහොට්ටුවෙ කළුතර දිස්ත්‍රික්කයේ ඉන්නෙ මම හදපු ගෝලයෝ. ඒ අය දැන් කම්බ හොරු වෙලා. හොර රැළක් බවට පත්වෙලා. ඔය පොහොට්ටුව හදන්න මමත් විශාල මහන්සියක් ගත්තා. නමුත් පස්සෙ ඒක හොරු කණ්ඩායමක් ආක්‍රමණය කළා. වෙල්ගමට හොරකම පුරුදු නෑ. ඒ නිසා මම ඒක දාලා ආවා. ජනාධිපතිවරණයේදී මම ඒක අතාරින්න තීරණය කළේ ඇමැති තනතුරු සමගයි. මට ඔය ඇමැති තනතුරු හොඳට හුරුයි. මට හොඳ දේශපාලන පළපුරුද්දක් තියෙනවා. දේශපාලනයේ මම කියපු එක අනාවැකියක්වත් තවම වැරදිලා නෑ. පසුගිය දවස්වල මම කියපුව හරි ගියා. වෙල්ගමට දේශපාලනයේ දුර පේනවා.

යහපාලනේට යනකොට මම මෛත්‍රිපාල සිරිසේන මහත්තයට කිව්වා, ඇහුවෙ නෑ ගියා. අන්තිමට ඇන ගත්තා. දින පනස් දෙකේ අගමැතිකම ගන්න එපා කියල මහින්ද මහත්තයට කිව්වා. ඇහුවෙ නෑ ගියා. ඇනගත්තෙ නැද්ද? ඒ නිසා වෙල්ගමගේ අනාවැකි වැරදිලා නෑ. මෙයාලා මේ ගමනත් ඇන ගන්නවා. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ජනතාව සමග ජන මතය සමග වැඩ කළ යුතුයි. ජනතාවට කොළේ වහල වැඩ කරන්න බැහැ. දැන් මිනිස්සු මෝඩ නෑ. තරුණ පරපුර බුද්ධිමත්.

කුමාර වෙල්ගම පොහොට්ටුවෙ හිටිය නම් කළුතර ප්‍රබලයා මම. එහෙනම් ඇමැතිකම් දෙනවා. මම බලයට කෑදර ඇමැති තනතුරු පස්සෙ යන කෙනෙක් නෙමෙයි. මම දේශපාලන වහල්කම් කරන කෙනෙක් නෙමෙයි. වෙල්ගමට කොන්දක් තියෙනවා. පස්දුන් කෝරළයේ ජනතාව මාව හොඳට දන්නවා. මම ණයත් නෑ, බයත් නෑ.’’

(Aruna)