කෙසේ හෝ ජයගත යුතුව ඇති යුක්රේන ආක්‍රමණය වෙනුවෙන් සිය හමුදා සෙබළුන් 50,000ක ගේ ජිවිත අහිමිවීමේ අවදානම දැරිමට රුසියාව සුදානම් වෙමින් සිටින බව වාර්තා වනවා.
යුක්‍රේන රුසියා අර්බුදය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට අපේක්ෂා කළ තරම් බලපෑමක් මේ දක්වා සිදුව නැතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. එහි සභාපති උපුල් ධර්මදාස පැවසුවේ යුක්‍රේන රුසියා අර්බුදය පැවතිය ද සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක් සිදුව නොමැති බවයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය අද (28) ආරම්භ වේ.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් න්‍යෂ්ටික යුද්ධයකට සූදානම් වන බව රුසියාවේ හිටපු විද්‍යාඥයෙක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.
රුසියාව විසින් යුක්‍රේනය තුල හමුදා මෙහෙයුම් ආරම්භ කර ගතවන හයවන දිනය අදයි. මේවනවිට දෙපාර්ශවය අතර දරුණු ගැටුම් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යුක්‍රේනයේ කිව් අගනුවර හා කාකිව් නගරය අල්ලා ගැනීම රුසියාවේ අරමුණ වී තිබෙනවා.
ශ්‍රී ලංකා රජයේ එකඟත්වය සහිතව, කොළඹ සිටින, ශ්‍රී ලංකාව සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිනිය වශයෙන් ජුලී ජේ. චුන්ග් මැතිනිය ඇමරිකා එක්සත් ජනපදය විසින් පත් කරන ලදී. එතුමිය 2022 වර්ෂයේ පෙබරවාරි 25 වැනි දින කොළඹ 01 පිහිටි ජනාධිපති මන්දිරයේ දී ප.ව. 4.00 ට ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවා ය.
යුක්රේන ජනාධිපති Volodymyr Zelensky ඊෙය් සවස යුරෝපීය පාර්ලිමේන්තුව අමතනු ලැබුවා. ඒ වීඩියෝ තාක්ෂණය ඔස්සේයි. එහිදී යුක්රේන ජනාධිපතිවරයාට යුරෝපිය පාර්ලිමේන්තු සාමාජිකයින් ගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතර සියලුම මන්ත්‍රීවරුන් සිය ආසන වලින් නැගිට යුක්රේන ජනාධිපතිවරයාට අත්පොළසන් දී පිළිගනු ලැබුවා.
Sri Lanka , once again , rejected the evidence gathering mechanism established by the UNHRC calling it unhelpful and will polarize society with adverse impact on economic development, peace and harmony.
යුක්රේනයේ සිදුකරනු ලබන යුද මෙහෙයුම් හේතුවෙන් රුසියානු ජනාධිපති ව්ලැදීමිර් පුටින් හට කිසිදු දේශපාලන ජයග්‍රහනයක් හෝ එරට ජනතාව හමුවේ ජනප්‍රියතාවයක් ලැබෙන බවට සහතික කළ නොහැකි බව බ්‍රිතාන්‍යයේ MI6 බුද්ධි අංශයේ ප්‍රධානි රිචර්ඩ් මුර් පවසනවා.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) සහ යුරෝපිය පාපන්දු පාලක මණ්ඩලය (UEFA) විසින් නැවත දැනුම් දෙන තුරු රුසියානු ජාතික පාපන්දු කණ්ඩායම හෝ එරට ක්‍රීඩා සමාජ කණ්ඩායම් සඳහා තහනමක් පැනවීමට තීරණය කර තිබෙනවා.
විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාව සමඟ ආර්ථික සබඳතා පුළුල් කරගැනීමට ප්‍රංශය ලබා දෙන සහය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා පැරීසියේ පිහිටි විදේශ අමාත්‍යංශයේ දී වෙළෙඳ හා ආර්ථික ආකර්ෂණීයත්වය පිළිබඳ අමාත්‍ය නියෝජිත ෆ්‍රෑන්ක් රයිස්ටර් මැතිතුමා හමු විය. අමාත්‍යවරුන් දෙදෙනා මෙම සාකච්ඡාව අවසානයේ දී අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබූහ.
යුක්‍රේනයට ඩොලර් මිලියන 350 ක යුද ආධර ලබාදෙන ලෙස අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා. රුසියානු ආක්‍රමණයකට මුහුණදී සිටින යුක්‍රේනයේ ආරක්ෂාව උදෙසා එම ආධාර ලබාදෙන බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ.
Page 163 of 377