Saturday, July 05, 2025
Follow Us
ගෝලීය ආහාර සහ භාණ්ඩ හිඟය 2024 දක්වා

ලෝක බැංකුවෙන් අනතුරු ඇඟවීමක්


රුසියානු – යුක්‍රේන යුද වතාවරණය තුළ නිර්මාණය වී ඇති ගෝලීය ආහාර සහ භාණ්ඩ හිඟය 2024 දක්වා පැවතිය හැකි බව ලෝක බැංකුව පවසයි.

1970 වර්ෂයෙන් පසු විශාලතම භාණ්ඩ හිඟයට ලෝකය මුහුණදෙමින් සිටින බව ඔවුන් සඳහන් කරයි.

උග්‍ර ආහාර හිඟය, ඉන්ධන හිඟය සහ වෙළෙඳම් සීමාකිරීම ලොව බොහෝ රටවල් රැසක උද්ධමනය ඉහළ යාමට හේතුවී ඇති බව ලෝක බැංකුව පෙන්වාදී තිබේ.

රුසියාව ලොව විශාලතම ස්වභාවික ගෑස් සහ පොහොර අපනයනකරු වන අතර දෙවන විශාලතම බොරතෙල් අපනයනකරු වේ.

පසුගිය පෙබරවාරි 24 වනදා රුසියාව විසින් යුක්‍රේනයේ යුද මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු භාණ්ඩ නිෂ්පාදන සහ අපනයන ක්‍රියාවලිය අඬාල වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

(Aruna)