Thursday, July 03, 2025
Follow Us
කිරි සහ මස් සහන ණය ක්‍රමයට

නවසීලන්තය ශ්‍රී ලංකාවට ණයට දුන් දේ


නවසීලන්තයේ කිරි සහ සත්ව නිෂ්පාදන සහන ණය ක්‍රමය යටතේ මෙරටට ලබාදීමට ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් එකඟ වී ඇත.

ඒ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන තහවුරු කළේය.

තමා සමග පැවති සාකච්ඡාවකදී කොමසාරිස්වරයා එකඟ වූ බව අමාත්‍යවරයා සදහන් කළේය.

එමෙන්ම එහිදී දෙරට අතර පවතින ආර්ථික සහ සංවර්ධන සබදතා වර්ධනය කිරීම හා නව ආර්ථික හා සංවර්ධන සංකල්පයන් වෙත යොමුවීම පිළිබදව මෙම හමුවේදී සාකච්ඡා කර තිබේ.

(Aruna)