Thursday, July 03, 2025
Follow Us
යළි කොවිඩ් අවදානමක්

කොවිඩ් ආසාදිතයන් හුදකලා කෙරේ


චීනයේ කොවිඩ් -19 ව්‍යාප්තිය මේ වනවිට යළි උත්සන්නවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෛරසය පැතිරීම හේතුවෙන් ෂැංහයි නගරය මාසයක පමණ කාලයක් ලොක්ඩවුන් කර තිබූ අතර දැන් බීජිං අගනුවර වසංගත ව්‍යාප්තිය ද ඉහළ යමින් ඇති බව වාර්තා වෙයි.

අගනුවර කොවිඩ් ආසාදිතයන් හඳුනාගෙන ඔවුන් හුදකලා කිරීමේ කටයුතු සමග බීජිං බලධාරීන් දැඩි ලෙස කාර්යබහුලවී සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර දැඩි කොවිඩ් පාලන සීමාවලට ෂැංහයි වැසියන් සිය විරෝධය පළකරමින් ඇති බවද සඳහන්

(Aruna)