චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ, ලුඩින්ග් ප්‍රදේශයට ඊයේ බලපෑ රිච්ටර් මාපකයේ ඒකක 6.8 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව 65ක් දක්වා ඉහළ ගොස් ඇති බව නගර බලධාරින් ප්‍රකාශ කර සිටිනවා.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තීරණාත්මක තරඟයක් අද පැවැත්වෙනවා. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතරයි.
අමෙරිකානු ඩොලර් බිලියන 2 යි දශම 9 ක විස්තීරණ ණය පහසුකමක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර කාර්යය මණ්ඩල එකගතාවකට එළඹීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව එම අරමුදලේ කළමනාකාර අධ්‍යක්‍ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජිවා පවසනවා.
මේවනවිට මුළු ලෝකයම ආර්ථික ගැටලුවකට මුහුණ දී සිටින බව බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා පවසනවා. ඉන්දීය මාධ්‍ය ආයතනයක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ බංග්ලාදේශය ද මුහුණ දී ඇත්තේ එවැනි අර්බුදකාරී තත්ත්වයට බවයි.
බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ලීස් ට්‍රස් තෝරා පත් කර ගනු ලැබ තිබෙනවා. ඒ ඇය කන්සර්වේටිව් පක්ෂයේ නායකත්ව තරගයෙන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි.
China on Friday said it is ready to play a positive role on the restructuring of Sri Lanka’s foreign debt.
සිය රටට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කරන තුරු යුරෝපයට ගෑස් ලබා නොදෙන බව රුසියාව පවසනවා. රුසියාව එලෙස දැඩි තීරණයක් ගෙන ඇත්තේ යුරෝපා සංගමටය අයත් රටවල් රැසක් රුසියාවේ ගෑස් කප්පාදුව හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණ පා සිටින පසුබිමක් තුළයි.
President Ranil Wickremesinghe has phoned Pakistani Prime Minister Shehbaz Sharif and has offered relief to Pakistan, Pakistan media reported yesterday. President Wickremesinghe offered sympathies on the widespread devastation caused by the recent floods in Pakistan and condoled Prime Minister Sharif on the loss of lives.
අමෙරිකානු ඩොලර් බිලියන 1.1ක වටිනාකමකින් යුත් අවි ආයුධ තොගයක් තායිවානයට අලෙවි කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවකට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනුමැතිය ලබාදී තිබෙනවා.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ දෙවන තරගයෙන් ඉන්දියාව පරදවා කඩුළු 5 ක තියුණු ජයක් වාර්තා කිරීමට පකිස්තාන කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.
ශ්‍රී ලංකාව මුහුණ පා සිටින වත්මන් දුෂ්කරතාවයෙන් ගොඩ ඒමට සහ ණය බර ලිහිල් කර ගැනීමට මෙන්ම තිරසර සංවර්ධනයක් උදාකර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබාදෙන බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
Page 128 of 386