Tuesday, January 13, 2026
Follow Us
රුසියානුවන් භාරයේ සිටි ලාංකිකයින් පිරිසක් යුක්රේනය බේරා ගැනේ

යුක්රේනයේ කාකිව් ප්‍රදේශයේදී රුසියාව භාරයට පත්ව සිටි ශ්‍රී ලාංකිකයින් 07 දෙනෙකු මුදා ගත් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි පවසනවා.

යුක්රේන ජනාධිපතිවරයා පැවසුවේ කාකිව් ප්‍රදේශයේ රුසියානු හමුදාව විසින් ස්ථාපිත කර තිබූ වධකාගාර කිහිපයක් සොයා ගැනුණු බව හා එහි සිටියදී මෙම ශ්‍රී ලාංකිකයින් මුදා ගැනුණු බවයි. යුක්රේනය විසින් මුදා ගත්

ශ්‍රී ලාංකිකයින් හත්දෙනා වෛද්‍ය සිසුන් බවයි විදෙස් මාධ්‍ය අනාවරණ කළේ. මුදා ගැනීමෙන් අනතුරුව එම ශ්‍රී ලාංකිකයින් පිරිස වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව ද යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

Neth