Monday, April 28, 2025
Follow Us
PCR මිණුම් දණ්ඩ අනුව ශ්‍රී ලංකාව ලෝකයේ 104 වන ස්ථානයට පහත වැටෙයි

කොරෝනා වෛරසය වැළදී ඇත්දැයි සොයා බැලීමේ පරීක්ෂණ අඩුම ප්‍රමාණයක් කරන ලද රටවල් අතර ශ්‍රී සිටින බව https://www.worldometers.info/ වෙබ් අඩවිය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව මේ දක්වා සිදුකර ඇති සමස්ත කොරෝනා ටෙස්ට් සංඛ්‍යාව 6463ක් වන අතර ශ්‍රී ලංකාව කොරෝනා පරීක්ෂණ ශ්‍රේණිගත කිරීමේ 104 වැනි ස්ථානයේ පසුවන්නේ ලොව අතිශය දිළිඳු රටවල් මෙන්ම අපට වඩා ජනගහන අඩු රටවල්ද ලංකාවට වඩා කොරෝනා පරීක්ෂණ සිදුකර ඇති පසුබිමකය.

ශ්‍රී ලංකාව ජනගහනය මිලියනයකට පරීක්ෂණ සිදුකර ඇත්තේ 302ක් පමණි. එහෙත් රුවන්ඩාව (537), ගෝතමාලාව (402) වැනි දිළිඳු රටවල් පවා ජනගහනය මිලියනකට කර ඇති පරීක්ෂණ සංඛ්‍යාව ශ්‍රී ලංකාව ඉක්මවා ගොස් ඇත.

(Lanka Leads)