Sunday, August 02, 2026
Follow Us
පේරු සංචාරකයින් රැගත් ගුවන් යානයක් කඩා වැටී 13ක් ජීවිතාක්ෂයට
පේරු රාජ්යයේ සංචාරකයින් රැගත් කුඩා ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් එහි සිටි 13 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්ය වාර්තා සඳහන් කර තිබේ.
පේරු ගුවන් සේවයක් වන මෙම ගුවන් යානය, ඉකා නගරයෙන් ගුවන් ගත වී ටික වේලාවකට පසු කඩා වැටී තිබෙන බව වාර්තා වෙයි.
 
මෙම යානයේ මඟීන් 11 දෙනෙකු සහ නියමුවන් දෙදෙනෙකු රැගෙන ගිය බව ද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
 
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අනතුරට හේතුව කුමක්දැයි තීරණය කිරීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.